FAST NEWS

24×7 Around the Globe

වරකපොළ වෙඩි තැබීමකින් 22 හැවිරිදි තරුණියක් මරුට

(ෆාස්ට් නිව්ස් | වරකපොළ) –  වරකපොළ ගණේගම දොරවක ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් වයස අවුරුදු 22 ක තරුණියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි. 

වෙඩිතැබීමෙන් ඇයගේ මව ද රෝහල් ගතකර ඇති අතර , අද පෙරවරු 5 .30 ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර ඇත.

ඔවුන් ජීවත් වූ නිවස තුලට පැමිණි පුද්ගලයෙකු මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති අතර තරුණිය එම අවස්ථාවේදීම මියගොස් ඇති බව පොලිසිය කියා සිටියේය.

සැකකරු සොයා වරකාපොළ පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබේ.