FAST NEWS

24×7 Around the Globe

රුසියානු විදේශ කටයුතු අමාත්‍ය අද දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රුසියානු විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය සර්ජි ලැවරොෆ් දෙදින නිළ සංචාරයක් සඳහා අද (14) උදෑසන දිවයිනට පැමිණ තිබේ.

මොස්කව් නුවර සිට රුසියාවට අයත් විශේෂ ගුවන් යානයකින් ඔහු සමඟ හතලිස් දෙදෙනෙකුගෙන් යුත් දූත පිරිසක්ද මෙරටට පැමිණි තිබීම විශේෂත්වයක්.

ඔවුන් පිළිගැනීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, විදේශ කටයුතු සබඳතා අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන්ම මෙරට රුසියානු තානාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියේය.