FAST NEWS

24×7 Around the Globe

ලංගම රියදුරන්ගේ ස්ථාන මාරු අවලංගුයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  රියදුරු ස්ථාන මාරුවීම් නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අවලංගු කරන ලෙස ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයාට දැනුම් දී තිබේ. 

ඒ , රියදුරු සහ කොන්දොස්තරවරුන්ට උසස්වීම් සහ ස්ථාන මාරුවීම් දීමෙන් දෛනිකව අවශ්‍ය නියමිත බස් රථ සංඛ්‍යාව ධාවනය කිරීමේ අපහසුතා උද්ගතවීම හේතුවෙන්.

ලංගම සතුව දැනට බස්රථ 6000 ක් පමණ තිබුණද ඉන් ධාවනය කල හැකි බස් රථ 2000 ක් පමණක් බවට තොරතුරු වාර්තා වෙයි.