FAST NEWS

24×7 Around the Globe

උඩරට මැණිකේ යථා තත්ත්වයට පත් කරයි.

පීලි පැනීමට ලක්වූ උඩරට මැණිකේ දුම්රියේ ධාවන කටයුතු අද උදෑසන සිට යළි යථා තත්ත්වයට පත්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.උඩරට මැණිකේ සීග්‍රගාමී දුම්රිය බදුල්ල බලා ධාවනය වෙමින් තිබියදී ඊයේ (22) පස්වරුවේ පීලි පැනීමට ලක් වූයේ බදුල්ල දුම්රිය ස්ථානයට ආසන්න 43 වැනි බිංගෙය අසළ දීයි.

පැය 7 ක පමණ කාලයකින් පසු දුම්රිය පීලිගත කිරීමට හැකිවී තිබෙන අතර ඊයේ පස්වරුවේ පැවති වර්ෂාව හේතුවෙන් දුම්රිය මාර්ගයේ පීලි ලිහිල් වීමෙන් පීලි පනින්නට ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.දුම්රිය සෙමින් ධාවනය වූ නිසා සිදු වීමට තිබූ විශාල අනතුරක් මගහැරුණු බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සදහන් කළා.පීලිගත කළ උඩරට මැණිකේ දුම්රිය අද උදෑසන නැවත ගමන් ආරම්භ කළා.