FAST NEWS

24×7 Around the Globe

ජනතා විමුක්ති පෙරමුණේ ජාතික කථීකාව හෙට (24) කොළඹදී.

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ විශ්වවිද්‍යාලආචාර්යවරුන්, කලාකරුවන්,නීතිඥයින්, පරිසරවේදීන්, වෘත්තිකයින් ඇතුළු සිවිල් සංවිධාන විසින් ජනාධිපතිවරයා වෙත සහ අගමැතිවරයා වෙත ආණ්ඩුව විසින් ඉටුකළ යුතු කඩිනම් ප්‍රතිසංස්කරණ සඳහා කරුණු 20කින් යුත් යෝජනා මාලාවක් පසුගියදා බාරදෙන ලදී.

මෙම යෝජනා මාලාව සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන ජාතික කථීකාවක් හෙට (24) දින ප.ව. 3.30ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ.

මෙම ජාතික කථීකාව සඳහා අනුර දිසානායක, කේ.ඩී. ලාල්කාන්ත, ජයතිලක කම්මැල්ලවීර, චන්ද්‍රසෝම බිංදුහේවා, චාල්ස් දයානන්ද, ආචාර්ය ජිනසේන හේවගේ, ආචාර්ය අසේල රංගදේව, නීතිඥ උපුල් කුමාරප්පෙරුම, මහින්ද තෙන්නකෝන්, සජීව චාමිකර, ඇන්තනී ජීවා, මොහොමඩ් ඊබ්‍රාහිම් ඇතුලූ විද්වතුන් සහභාගි වෙති.