(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බුලත්කොහුපිටිය මොරොන්තොට ප්රදේශයේදී ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් එල්ල වූ ඇසිඞ් ප්රහාරයකින් පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
පොලිසිය පැවසුවේ ඊයේ රාත්රියේ 9ට පමණ මෙම පවුල් දෙකක සාමාජිකයින් අතර ඇති වූ ගැටුමකදී මෙම ඇසිඩ් ප්රහාරය එල්ල වූ බවයි.
ඇසිඩ් ප්රහාරයෙන් තුවාල ලැබූ දෙපාර්ශවයේම පුද්ගලයින් මේ වන විට කෑගල්ල මහ රෝහලේ ප්රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් බුලත්කොහුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශණ මෙහෙයවයි.








