FAST NEWS

24×7 Around the Globe

ඊ.ටී.අයි පිළිබඳ සෙවීමට ජනපති කොමිසමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඊ.ටී.අයි ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජනපති කොමිසමක් පත් කර ඇත. 

ජනාධිපතිතුමා අතිවිශේෂ ගැසට් නිවේදනයකින් පත් කර ඇති මෙම කොමිසමේ සභාපති ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා පත් කර ඇති අතර සුහද ගම්ලත් සහ ඩී.එම්. ගුණසේකර යන මහත්වරුන් එහි සාමාජිකයින් වෙයි.