අසර්බයිජානයේ ගින්නකින් ශ්‍රී ලාංකික සිසුවියන් 3 ක් ජීවිතක්ෂයට [PHOTOS]

අසර්බයිජානයේ ගින්නකින් ශ්‍රී ලාංකික සිසුවියන් 3 ක් ජීවිතක්ෂයට [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | අසර්බයිජානය) –  අසර්බයිජානයේ බකු නගරයේ නේවාසිකාගාරයක හටගත් ගින්නකින් ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. 

මෙම සිසුවියන් තිදෙනා වයස අවුරුදු 21 , 23 සහ 25 හැවිරිදි වියේ පසුවන බව වාර්තා වෙයි.

වෙස්ටර්න් කැස්පියන් නම් සරසවියක පාඨමාලාවක් හැදෑරීම සඳහා ගොස් සිටියදී මෙම සිද්ධියට ඔවුන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර , මාස දෙකක පමණ කාලයක් ඔවුන් මෙම නේවාසිකාගාරයේ රැඳී සිට ඇත.

විදුලි කාන්දුවක් හේතුවෙන් අදාළ ගින්න හටගෙන ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අසර්බයිජානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් නොමැති බැවින් ඩුබායි හෝ ටෙහෙරාන් නුවර පිහිටා ඇති දූත මණ්ඩලයක් හරහා මේ සම්බන්ධ ඉදිරි කටයුතු සිදුකරන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.