FAST NEWS

24×7 Around the Globe

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක අද (10) රාත්‍රී 10.00 සිට හෙට (11) උදාසන 10.00 තෙක් ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය දැනුම් දී තිබේ.

මේ අනුව කොළඹ 13 , කොළඹ 14 සහ කොළඹ 15 ප්‍රදේශ වලට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ලබයි.

තවද එම කාලය තුල කොළඹ 01 සහ කොළඹ 11 ප්‍රදේශ වලට අඩු පීඩනයක් යටතේ ජලය සපයන බව සඳහන්.

ජාතික ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ මීට හේතුව ප්‍රධාන නල පද්ධතියේ හදිසි නඩත්තු කටයුත්තක් බවයි.