FAST NEWS

24×7 Around the Globe

චීන, රුසියානු විදේශ අමාත්‍යවරුන් ලබන සතියේ ශ්‍රී ලංකාවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රුසියානු විදේශ අමාත්‍ය සහ චීන විදේශ අමාත්‍ය ලබන සතියේ නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාව පැමිණීමට නියමිතයි.

විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේ ලබන 14 වනදා රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැවරොෆ් ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.

පසුව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමඟ ඒකාබද්ධ මාධ්‍ය හමුවකට ද එක්වනු ඇති බව වැඩිදුරටත් සඳහන් කළේය.

චීන විදේශ අමාත්‍ය වෑන් – යි ද විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාව ලබන 14 වනදාම හමුවීමට නියමිතයි.

චීන සහ රුසියානු විදේශ කටයුතු අමාත්‍යවරුන් එක්වර දිවයිනට පැමිණීම විශේෂත්වයක්.