FAST NEWS

24×7 Around the Globe

‘හතේ අපේ පොත’ ග්‍රන්ථයේ අවසන් තීරණය ගැනීමට රැස්වීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හතේ අපේ පොත නැමැති ග්‍රන්ථය පිළිබද අවසන් තීරණය ලබන ජනවාරි 21 වැනිදා පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතයි.

මෙම සාකච්ඡාව පාර්ලිමේන්තුවේ අධ්‍යාපන සහ මානව සම්පත් සංවර්ධනය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව සහ කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පැවැත්වීමට සුදානම කර තිබේ.

මෙහිදී අදහස් දැක්වු විද්වතුන් බොහෝ දෙනෙක් ළමා වියේදීම නවයොවුන් දරුවන්ට ලිංගික අධ්‍යාපනයක් ලබා දිය යුතු බව පෙන්වා දුන් අතර මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විශ්ව විද්‍යාල විසින් සිදු කළ සමීක්ෂණ රැසක තොරතුරු ද ඉදිරිපත් කළේය.

ඒ අනුව හතේ අපේ පොත නැමැති ග්‍රන්ථය නැවත පාසැල්වලට නිකුත් කළ යුතු බවට යෝජනා වු අතර මේ සම්බන්ධව අවසන් තීරණය ලබන 21 වනදා ගනු ලබයි.