FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවෙන් ලංගමයට නව බස්රථ ගැනීමට කැබිනට් අනුමැතිය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහජනතාවට කාර්යක්ෂම හා සුව පහසු සේවයක් සැපයීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අලුතින් බස්රථ 600 ක් ඉන්දියාවෙන් මිලට ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මීට පෙර මිලදී ගැනීමට අපේක්ෂා කළ බස්රථ වෙනුවට ආසන 30 – 35 නව බස්රථ 500 ක් සහ පසුපස උස් ආසන සහිත ආසන 42 – 45 නව බස්රථ 100 ක් මිලදී ගැනීමට ප්‍රවාහන සේවා කළමනාකරණ ඇමති මහින්ද අමරවීර මහතා යෝජනාවක් ඉදිරිපත් කළේය.

එම යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබුණු බව සම කැබිනට් ප්‍රකාශක ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (09) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පවසයි.