(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පෑලියගොඩ, වත්තල සහ මාබෝල යන නගර සභා බල ප්‍රදේශවලට මේ වනවිට ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි.
සැපයුම් ජල නලයක හදිසි කාන්දුවක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවා තිබේ.
කැළණිය සහ වත්තල යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල කොටසකට ද මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇති බව එම මණ්ඩලය නිවේදනය කරයි.
ජලනල කාන්දුව මේ වනවිට පිලිසකර කරමින් පවතින බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.








