ඉරාන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

ඉරාන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති ආරක්ෂක තත්වය සැලකිල්ලට ගෙන සෞදි අරාබියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට සුපරික්ෂාකාරී වන ලෙසත් ජනතාව බහුලව ගැවසෙන ස්ථාන මඟ හරින ලෙසත් , අනවශ්‍ය ගමන්වල නොදෙන ලෙසත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.

එසේම විදේශ ගමන් බලපත්‍රය සැමවිටම සුදානම් කර තම ළඟ තබා ගන්නා ලෙසත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.