FAST NEWS

24×7 Around the Globe

යාපනය සරසවිය තුළ බෞද්ධ ඉදිකිරීමකට දේශපාලන විරෝධයක්

(ෆාස්ට් නිව්ස් | යාපනය) – යාපනය විශ්ව විද්‍යාලයට අනුබද්ධ කිළිනොච්චිය මණ්ඩපයේ  විශාල බුදු මැදුරක් හා වෙනත් බෞද්ධ ඉදිකිරීම් වලට චෝදනා එල්ල කර තිබේ.

ඒ දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දේශපාලනඥයින් විසිනි.

ඔවුන් චෝදනා කරන්නේ බෞද්ධ ඉදිකිරීම් වලට සමාන ලෙස හින්දු ආගමේ ඉදි කිරීම් ඉදි කර නොමැති බවට ගෙන් විරෝධයක් එල්ල වී තිබේ.

ඔවුන් කියා සිටින්නේ  බෞද්ධාගමේ විශාල ඉදි කිරීම් සිදු වෙද්දී විශ්ව විද්‍යාලයේ ගණ දෙවි කෝවිල ඉදි කිරීමට මුදල් ප්‍රතිපාදන ලබා දී නොමැති බවයි.

මේ හේතුව නිසා ගණ දෙවි  පිළිමයක් ගසක් යට තබා ටකරන් වලින් වසා ඇති බව කියන දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චියේ දේශපාලනඥයෝ ක්‍රිස්තියානි ආගම සදහා කිසිම ඉදි කිරීමකට මුදල් වෙන් වී නොමැති බවද කියා සිටිති.

මේ පිළිබදව අදහස් දක්වමින් දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන්  මහතා කියා සිටියේ තමන් මේ අසාධාරණය පිළිබදව උසස් අධ්‍යාපන අමාත්‍යවරයාටත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමටත් දැනුම් දෙන බවයි.