FAST NEWS

24×7 Around the Globe

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන නිල සංචාරයක් සඳහා ඉන්දියාවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දීය රජයේ ආරාධනයෙන් විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවේ සංචාරය ආරම්භ කර තිබේ.

ඔහු සිය අමාත්‍ය ධුරය ලබා ගැනීමෙන් අනතුරුව සිදුකරන පළමු විදෙස් සංචාරය මෙය වීම විශේෂත්වයක්.

අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකුද ඔහු සමග එම සංචාරයට එක්ව සිටින අතර සිය සංචාරය තුළදී ඉන්දීය රජයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකු සමග අමාත්‍යවරයා සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.