FAST NEWS

24×7 Around the Globe

මාතලේ නගරාධිපතිට ඇප [UPDATE]

 

(ෆාස්ට් නිව්ස් | මාතලේ) – මාතලේ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රිවරයෙකුට පහරදීමේ සිද්දියකට සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් මාතලේ නගරධිපති ඩල්ජිත් අලුවිහාරේ ඇප මත මුදාහැරීමට මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

නගරධිපතිවරයා රුපියල් ලක්ෂය බැගින්වූ ඇප දෙකක් මත මුදාහැරීමට මාතලේ මහේස්ත්‍රාත් ඉංදික අත්තනායක මහතා විසින් අද (09) දින නියෝග කරනු ලැබීය.


(ෆාස්ට් නිව්ස් | මාතලේ) –  එක්සත් ජාතික පක්ෂයේ මාතලේ මහා නගරසභාවේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ සහ ඔහුගේ රියදුරු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. 

පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.