FAST NEWS

24×7 Around the Globe

ගුවන් යානා අනතුරට බලපෑ කාලගුණ වාර්තාව අධිකරණය හමුවට

(ෆාස්ට් නිව්ස් | හපුතලය) – පසුගියදා හපුතලය ප්‍රදේශයේ දී සිදුවූ ගුවන් යානා අනතුර සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය වාර්තාව බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ලබාදීමට කටයුතු කර තිබේ. 

අනතුර සිදුවූ පසුගිය සිකුරාදා එම ප්‍රදේශය ආශ්‍රිතව යහපත් කාලගුණයක් පැවති බවත් , සුළං තත්ත්වයද සාමාන්‍ය මට්ටමක පැවති බවත් එමඟින් දක්වා ඇති බව වාර්තා වෙයි.

මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙසට පාර්ශව 06 කට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝගයක් නිකුත් කර තිබුණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් වයි – 12 වර්ගයේ සැහැල්ලූ ගුවන් යානයක් පසුගිය සිකුරාදා හම්බන්තොට – වීරවිල ගුවන් හමුදා කදවුරෙන් ගුවන් නිරීක්ෂණ මෙහෙයුමක් සදහා පිටත්ව ගොස් තිබූ අතර, එය පෙරවරු 9.15 ට පමණ යානය හපුතලේ අයිස්පීල්ල කදුකර ප්‍රදේශයට කඩා වැටුණි.

මෙහිදී ගුවන් යානයේ නියමුවන් දෙදෙනා ඇතුළු සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.