FAST NEWS

24×7 Around the Globe

අනුරාධපුර බාලවයස්කාර දැරියකට ලිංගික අපයෝජනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට.

බාලවයස්කාර දැරියක් රවටාගෙන කැලේට රැගෙන ගොස් ලිංගික අපයෝජනයට ලක්කල පුද්ගලයෙකු සිවලාකුලම,කොලොන්ගස්වැව ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත්බව ගලෙන්බිදුණුවැව පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙනඇත්තේ සිවලාකුලම, කොලොන්ගස්වැව යන ලිපිනයේ පදිංචිකරුවෙකුවන ජයතිලක මුදියාංසේලාගේ මහින්ද බණ්ඩාර ජයතිලක (38) නැමැති විවාහක පුද්ගලයෙකි.

සැකකරු විසින් මෙම දැරියට දඹ කඩාදෙනබව පවසමින් ඇය රවටාගෙන කැලේට රැගෙනගොස් මෙම ලිංගික අතවරය සිදුකර ඇත.

දැරියගේ සහෝදරයෙකු විසින් එම දැරිය සහා සැකකාර පුද්ගලයා කැලයට යන අයුරු දැක ඒ පිලිබදව ඔහුගේ දෙමව්පියන්ට පැවසිමෙන් පසු දෙමව්පියන් දැරියගෙන් කල විමසිමකදි මේ බව අනාවරණය වි ඇත.

සැකකරු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත බව ගලෙන්බිදුණුවැව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගලෙන්බිදුණුවැව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.