FAST NEWS

24×7 Around the Globe

වාසුදේව සහ මහින්දානන්ද FCID යට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (08) පෙරවරුවේ අල්ලස් කොමිසමට ගිය රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ දුරකථන හඩ පට සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් පළ කළේය.

එහිදී ඔහු සදහන් කළේ රන්ජන් රාමනායකගේ දුරකථන හඩ පට මගින් අනාවරණය වන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මර්දනය කිරීමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු පසුගිය ආණ්ඩුව සිදුකළ කුමන්ත්‍රණයක තොරතුරු බවයි.

රාජ්‍ය අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලූත්ගමගේ සහ වාසුදේව නානායක්කාර අද පෙරේවරුවේ (08) අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසම වෙත පැමිණියේය.

ඒ පසුගිය රජයේ මැති ඇමතිවරුන්ගේ වංචා හා දූෂණ පිළිබද සිදුකළ පැමිණිලි සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සොයා බැලීමටයි.