FAST NEWS

24×7 Around the Globe

දරුවෙකු හා වැඩිහිටියෙකු ළිඳේ වැටී මරුට

(ෆාස්ට් නිව්ස් | යාපනය) – ළිඳට වැටීමෙන් වැඩිහිටියෙකු හා දරුවෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ. චාවකච්චේරි පොලීසිය පැවසුවේ යාපනය, මීසාලෙයි හා යාපනය, නාවට්කුලි ප්‍රදේශයන්හිදි ඔවුන් මෙම අනතුරු වලට මුහුණ පා ඇති බවයි.

මීසාලෙයි ප්‍රදේශයේදී වයස අවුරුදු 84ක් වේලුපිල්ලේ සතාශිවම් නමැති පුද්ගලයෙකු ළිඳකට වැටීමෙන් ඊයේ(07) ජිවිතක්ෂයට පත්ව ඇත.

එසේම යාපනය නාවට්කුලි ප්‍රදේශයේදීද වයස අවුරුදු 7 වු ශෂිදරන් එඩ්වඩ් නැමති දරුවෙකුද ළිඳට වැටීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය කියයි.

ජිවිතක්ෂයට පත්වු වැඩිහිටි පුද්ගලයා නිවසේ තනිව සිට ඇති අතර කුඩා දරුවා සෙල්ලම් කරමින් සිටියදී අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය පැවසීය.