FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ලන්ඩන් ගුවන් ගමන් මාර්ගය වෙනස් කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලන්කන් ගුවන් සේවය සිය ලන්ඩන් – කොළඹ ගුවන් මාර්ගය වෙනස් කර තිබේ. 

ඒ ඉරානය සහ ඉරාකය ගුවන් කලාපයේ ඇතිවී තිබෙන අනාරක්ෂිත තත්ත්වය හේතු කොට ගෙන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනය කරයි.

සිය ගුවන් මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව වෙනුවෙන් මෙවැනි පියවරක් ගැනීමට සිදුව ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැඩිදුරටත් සඳහන් කර සිටියේය.