FAST NEWS

24×7 Around the Globe

ශානි අබේසේකරට විදෙස් ගමන් තහනමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ විදෙස් ගමන් තහනම් කරමින් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ කොළඹ අපරාධ කොට්ඨාශය විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුවයි.

හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතා ගේ දුරකථන සංවාදවලට අදාළ හඬ පට සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් කරන ලද කරුණු වාර්තා කිරීමෙන් සලකා බැලීමෙන් පසුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.