FAST NEWS

24×7 Around the Globe

සියලුම ලංගම බස් රථ තත්ත්ව පරීක්ෂාවකට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෝටර රථ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහය ඇතිව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සියලු බස් රථවල තත්ත්ව පරීක්ෂනයකට ලක් කල යුතු බව ලංගම පවසයි.

එහි සභාපති කිංස්ලි රණවක මහතා පැවසුවේ සියලු බස් රථවල තත්ත්ව පරීක්ෂනයකට ලක් කර පසු නුසුදුසු තත්වයේ ඇති බස් රථ ධාවනයෙන් ඉවත් කරන බවයි.

ඉවත් කරන බස් රථ වෙනුවට ප්‍රවාහණ අමාත්‍යවරයාගේ සහයෝගයෙන් නව බස් රථ ආනයනය කර ග්‍රාමීය කටයුතු සදහා භාවිත කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටයේ පස්සර මඩොල්සිම මාර්ගයේ 6 කණුව ප්‍රදේශයේදී සිදවූ ලංගම බස් රථ අනතුර පිළිබද පරීක්ෂා කිරීමට එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යයට අදහස් දක්වමින්.