FAST NEWS

24×7 Around the Globe

නව දේශපාලන පක්ෂ ලියාපදිංචියට අයදුම්පත් මේ මස සිට කැඳවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය මේ මාසය තුළදී ආරම්භ කරන බව මැතිවරණ කොමිසම් සභාව සඳහන් කරයි. 

මේ වනවිට දේශපාලන පක්ෂ 70 ක් පමණ මැතිවරණ කොමිසම් සභාවේ ලියාපදිංචි වී තිබෙන අතර , එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ ඊට අදාළ ඉල්ලූම්පත්‍ර ඉදිරි දින කිහිපයේදී නිකුත් කරන බවයි.

මේ අතර 2019 ඡන්ද හිමි නාම ලේඛණය එළඹෙන 24 වැනිදා සහතික කිරීමට පියවර ගන්නා බවත් , ඒ අනුව, එළඹෙන මහ මැතිවරණය 2019 ඡන්ද හිමි නාම ලේඛනයෙන් පැවැත්වෙනු ඇති බවත් මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේය.