FAST NEWS

24×7 Around the Globe

චන්ද්‍රසිරි සූරිය ආරච්චි යළි රක්ෂිත බන්ධනාගාරයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු හා එක්සත් ජාතික පක්ෂයේ මින්නේරිය ආසනයේ සංවිධායක චන්ද්‍රසිරි සූරිය ආරච්චි මහතාව ලබන (09) වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

පොලොන්නරුව ජයන්තිපුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට ගිනි අවියක් පෙන්වා තර්ජනය කොට වාහන හතරකට අලාභානි සිදු කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුවයි මෙලෙස අත්අඩංගුවට ගැනුනේ.