FAST NEWS

24×7 Around the Globe

කෝප්, පාර්ලිමේන්තු කාරක සභා සාමාජිකයන් පත් කිරීම කල් යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කෝප් කමිටුව ඇතුළු පාර්ලිමේන්තු කමිටු සඳහා නව සාමාජිකයින් පත් කිරීම සම්බන්ධයෙන් අද (07) පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂ නායක රැස්වීම ලබන 20 වනදා තෙක් කල් දමා තිබේ.

එදින පක්ෂ නායක රැස්වීමේදී මෙම පුරප්පාඩු සම්පූර්ණ කිරීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

පාර්ලිමේන්තු සැසි වාරය ජනාධිපතිවරයා විසින් පසුගිය දා අවසන් කිරීමත් සමඟ පාර්ලිමේන්තුවේ පැවති කාරක සභා 10කට වැඩි සංඛ්‍යාවක් අහෝසි වුණි.