FAST NEWS

24×7 Around the Globe

ටෙලිකොම් සභාපති ඉල්ලා අස් වේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තමන් විසින් දරන ලද සභාපති හා අධ්‍යක්ෂ ධූරයෙන් ඉල්ලා අස්වෙන බව ශ්‍රී ලංකා ටෙලිකොම් පී එල් සී හි සභාපති හා විධායක නොවන අධ්‍යක්ෂ පී.ජී. කුමාරසිංහ සිරිසේන දැනුම් දී තිබේ.

ඊයේ (06) දින සිට මෙම ඉල්ලා අස්වීම බලපැවැත්වෙන බව ටෙලිකොම් සමාගමේ, සමාගම් ලේකම් මහේෂ් අතුකෝරල විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත අද (07) දින දැනුම් දී ඇත.