FAST NEWS

24×7 Around the Globe

අපහරණ චෝදනා එල්ල වූ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | අම්පාර) –  අම්පාර – උහන – ගෝනාගොල්ල සෙනරත් පුර ග්‍රාමීය රෝහලේ ලිංගික අපහරණ චෝදනා එල්ල වූ වෛද්‍යවරයකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. 

උහන ප්‍රදේශයේ පාසලක සිසුවියන් සිව් දෙනෙකු ලිංගික අපහරණයට ලක් කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වෙයි.

මෙම සිසුවියන් පිරිස අද පැවැත්වීමට නියමිතව තිබූ ධාවන තරඟ ඉසව්වකට සහභාගි වීම සඳහා වෛද්‍ය සහතිකයක් ලබා ගැනීමට පැමිණ තිබෙන අතර , එහිදී ඔවුන්ට වෛද්‍ය සහතිකය සඳහා පරීක්ෂණ කටයුතු කරන මුවාවෙන් ලිංගික අතවර සිදුකර ඇති බවට ලද තොරතුරකට අනුව මොහු අත්අඩංගුවට ගෙන තිබේ.

එම සිසුවියන් අවුරුදු 18, 17 සහ 14 යන වයස්වල පසුවන අයයි.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් එම සිසුවියන් 04 දෙනාගෙන් පොලිසියට පැමිණිලි ලැබී ඇත.