FAST NEWS

24×7 Around the Globe

සරණ ගුණවර්ධනට ඇප [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සිර දඩුවම් නියම වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට ඇප ලබාදී තිබේ.


(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට අද (07) වසර 3ක සිර දඬුවමක් නියම කළේය.

ඔහු සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ධූරය දැරූ සමයේ එනම් 2007 වසරේ මැයි මස 5 වන දා සිට 2008 වසරේ අප්‍රේල් මස 30 වන දා දක්වා කාලය තුළ වාහන 3ක් මිලදී ගැනීමේදී සිදුකළ අවභාවිතාවක් සම්බන්ධයෙන් මෙලෙස ඔහුට දඬුවම් නියම කර තිබේ.

එක් වාහනයකට රුපියල් නව ලක්ෂ 60,000 බැගින් වූ බදු අත්තිකාරම් ගෙවීම ඇතුළු චෝදනා 3ක් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව එල්ල වී තිබුණු අතර රුපියල් ලක්ෂ 3ක දඩ මුදලක් ද ගෙවන ලෙස එහිදී නියෝග කර තිබේ.