FAST NEWS

24×7 Around the Globe

ඉන්ධන සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට රජය කටයුතු නොකරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව රජය ඉන්ධන සඳහා මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නේ නැති බව සංවර්ධන බැංකු සහ ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් පළ කරමින් පැවසුවේ පැරණි මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමට හෝ නව මිල සූත්‍රයක් හඳුන්වාදීමට රජය කටයුතු නොකරන බවයි.

තවද පසුගිය රජය හඳුන්වා දුන් ඉන්ධන මිල සූත්‍රය ඉදිරියටත් පවත්වාගෙන යාමට වත්මන් රජය එකඟ වී ඇති බවට පළ වන තොරතුරුවල අසත්‍ය බව අමාත්‍ය ෂෙහාන් සේමසිංහ වැඩිදුරටත් පැවසුවේය.