FAST NEWS

24×7 Around the Globe

12 දෙනෙකුට මරු කැඳවූ බස් අනතුර ගැන පරීක්‍ෂණයක්

(ෆාස්ට් නිව්ස් | බදුල්ල) – ඊයේ(06) පස්වරුවේ පස්සර, මඩොල්සිම ප්‍රදේශයේදී සිදු වූ බස් අනතුර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ඒ ලංකා ගමනාගමන මණ්ඩලය විසිනි.

ඒ සඳහා මඩොල්සිම ප්‍රදේශයට ගොස් ස්ථානීය පරීක්ෂණයක් ද සිදුකරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එහි සභාපති කිංස්ලි රණවක පැවසුවේ මෙම අනතුර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

පස්සර සිට ඇකිරියන දක්වා ධාවනය වෙමින් තිබූ ශ්‍රී ලංගම බස් රථයක් අනතුරට ලක්වූ අතර ඉන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් තවත් 40 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කෙරුණි.