කොටදෙණියාව බඩල්ගම දැරිය කෙළෙසා මරා දැමීයැයි කියන සැකකරු ගම්පහ, බදුවතුගොඩ කැලේ සැඟවී සිටියදී අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ඔහු දැරිය ජීවත්ව සිටි නිවෙස ආසන්නයේ පදිංචි අයකු බවත් කියති.
දැනට මේ සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගත් දෙදෙනකු රිමාන්ඩ් භාරයේ පසුවෙති.
සැකකරු අල්ලා ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් සිදුකළ මෙහෙයුමකදී කැලයේ සැඟවී සිටි සැකකරු අල්ලා ගැනීමට පොලිසිය සමත්ව ඇත.
———————————(update)
සේයා සඳෙව්මි දැරිය ඝාතනයේ ප්‍රධාන සැකකරු හඳුනාගැනේ.-
කොටදෙණියාව සේයා සඳෙව්මි දැරියගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු මේ වන විට හඳුනාගෙන ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි.
අදාළ සැකකරු ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, මේ වන විට ඔහු එම ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවලදී අනාවරණ වී ඇත බ වැඩි දුරටත් වාර්තා වේ.
මේ අතර බාලවයස්කාර දරුවන්ට සිදුවන අපචාර කි්රයාවන් සම්බන්ධයෙන් සොයා බැලීම සහ එ්වාට එරෙහිව නීතිය නිසි පරිදි කි‍්‍රයාත්මක කිරීම සඳහා කැබිනට් අනුකාරක සභාවක් පත්කර තිබෙන බව නීතිය හා සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තිලක් මාරපන මහතා පවසනවා.
පොලිස් ළමා හා කාන්තා කාර්යංශය ශක්තිමත් කිරීමටද අවශ්‍ය පියවර ගන්නා බවයි අමාත්‍ය තිලක් මාරපන මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.







