FAST NEWS

24×7 Around the Globe

නිදහස් පක්ෂයේ සියලු සංවිධායකවරුන් අද කොළඹට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවක් සඳහා අද (07) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු සංවිධායකවරුන් කොළඹට කැඳවා තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ගොඩනගා ගෙන ඇති එකඟතා සහ පක්ෂය ඉදිරි මහ මැතිවරණයට තරඟ කරන ආකාරය ආදිය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

මීට අමතරව පක්ෂ සභාපතිවරයා සමග සෑම ආසනයකට මැතිවරණ කමිටු පිහිටුවන ලෙස පසුගිය දා ලබාදුන් උපදෙස්වල ප්‍රගතිය පිළිබඳව ද මෙම හමුවේදී සංවිධායකවරුන් කරුණු සකාච්ඡා කිරීමට සැලසුම් කර තිබේ.