FAST NEWS

24×7 Around the Globe

වලංගු වීසා නොමැතිව සිටි විදේශිකයන් 136 ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඊයේ (05) පස්වරු 10.00 සිට අද (06) පෙරවරු 6.00 දක්වා පැය 08 ක කාලයක් දිවයිනම ආවරණය වන පරිදි සිදුකල විශේෂ මෙහෙයුමකදී වලංගු වීසා නොමැතිව මෙරට රැදී සිටි විදෙස් ජාතිකයන් 136 දෙනෙකු පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 

අත්අඩංගුවට ගත් පිරිස අතරට ඉන්දීය ජාතිකයන් 82 දෙනෙකු , පකිස්ථාන ජාතිකයන් 12 දෙනෙකු , මාලදිවයින් ජාතිකයන් 10 ක් , නයිජීරියන් ජාතිකයන් 08 ක් බංගලාදේශ ජාතිකයන් 06 ක් ඇතුළත් වෙයි.

චීන ජාතිකයන් 04 ක් , කැනඩා ජාතිකයන් 04 ක් , තායිලන්ත ජාතිකයන් 02 ක් , ස්විට්සර්ලන්ත ජාතිකයන් 02 ක් , ද අත්අඩංගුවට ගත් පිරිස අතර වෙයි.

ඊට අමතරව අමෙරිකානු ජාතිකයෙක් , කටාර් ජාතිකයෙක් , ස්වීඩින ජාතිකයෙක් , ඇෆ්ගනිස්ථාන ජාතිකයෙක් , ඊශ්‍රායල ජාතිකයෙක් හා කොරියන් ජාතිකයෙක්ද මෙම පිරිසට අයත් වන බව පොලිස් මාධ්‍ය ඒකකය සදහන් කළේය.

වැඩ බලන පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදියි මෙම විශේෂ මෙහෙයුම දියත්කර ඇත.