FAST NEWS

24×7 Around the Globe

පහරදීමේ සිද්ධියට අදාළ පොලිස් නිලධාරිනියන් 2 කගේ වැඩ තහනම්

(ෆාස්ට් නිව්ස් | නිකවැරටිය) – පසුගිය දිනක නිකවැරටිය කොටවෙහෙර ප්‍රදේශයේ දී දැරියකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකුගේ වැඩ තහනමට ලක් කර තිබේ. 

පහර කෑමට ලක්වූ දැරියගේ සිද්ධියට අදාලව ලද පැමිණිලි භාර නොගැනීම හේතුවෙන් මෙම වැඩ තහනම සිදුකර ඇත.

මේ අනුව පැමිණිල්ල බාර නොගත් නිකවැරටිය සහ කොටවෙහෙර පොලිස් ස්ථාන දෙකෙහිම ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරියන් දෙදෙනාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.