FAST NEWS

24×7 Around the Globe

ජනවාරි අවසානයේ සිට නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම මෙම මස අවසානයේ දී සිදුකරන බවත් ඒ සඳහා පාර්ශවයන් කිහිපයක් ඉල්ලුම් කර ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මේ වනවිට දේශපාලන පක්ෂ 70 ක් මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි වී සිටියි.

මිට අමතරව දේශපාලන පක්ෂ කිහිපයක් විසින් සිය ගිණුම් වාර්තා ඉදිරිපත් කර නොමැත.

මැතිවරණ කොමිසම සදහන් කළේ මේ හේතුවෙන් එම පක්ෂ ලියාපදිංචිය අහෝසි කිරීමට සිදුවන බවයි.