FAST NEWS

24×7 Around the Globe

මෙරට මුදල් එකතුවට එන අළුත් නෝට්ටු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රුපියල් 20ක වටිනාකමින් යුත් සමරු කාසියක් සහ රුපියල් 2,000 ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කිරීමට සැලසුම් කර තිබේ.

ඒ මේ වසරේ යෙදී ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ 70 වන සංවත්සරය සැමරීම වෙනුවෙනි.

එසේම පවතින 11වන මුදල් නෝට්ටු මාලාවේ ආරක්ෂණ සළකුණු ද වැඩිදියුණු කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහා බැංකුව පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ “පෙර දැක්ම 2020” සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති මාලාව අද (06) දින එළිදැක්වූ අතර එහි මේ බව සඳහන් කර තිබේ.