FAST NEWS

24×7 Around the Globe

උඩවලවේ දිවියෙකු ඝාතනය කළ 4 දෙනා අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – උඩවලව ජාතික වනෝද්‍යානයට යාබද ප්‍රදේශයේ දිවියෙකු ඝාතනය කළ පුද්ගලයන් 4 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන්ව මෙලෙස  අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (05) පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, සහ වනජිවි නිලධාරින් ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 4 දෙනා උඩවලව නෙලුම්වැව ප්‍රදේශයේ පදිංචි දඩයක්කරුවන් බව අනාවරණ විය.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අද ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.