FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපති මහින්ද බරපතල වංචා විමර්ශන ජනපති කොමිසම හමුවට.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට මහා පරිමාන වංචා සහ දූෂණ පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම තීරණය කර තිබෙනවා.

එ් අනුව අද (23) පෙරවරු 9ට කොමිසම හමුවේ පෙනී සිටින්නැයි හිටපු ජනාධිපතිවරයා දැනුම් දී ඇති බව වාර්තා වුණා.

ඉකුත් ජනාධිපතිවරණ සමයේදී සිදු කෙරුණු ප‍්‍රචාරක කටයුතු සඳහා රූපවාහිනි නාලිකාවකට අදාළ ගෙවීම් නිසි පරිදි සිදු නොකිරීම සම්බන්ධයෙන් මහා පරිමාණ වංචා සහ දූෂණ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම පරීක්ෂණයක් සිදු කරනවා.

එ් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට නියමිතයි.