FAST NEWS

24×7 Around the Globe

පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමට බැදුම්කර වෙළඳපොළ තහනම තවත් දීර්ඝ කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමට තවත් මාස 06 කට බැදුම්කර වෙළඳපොල තහනම් කිරීමට ශ්‍රී ලංකා මහා බැංකුව තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම සමාගමේ ප්‍රථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීමට ඊයේ පස්වරුවේ සිට බල පැවෙත්වෙන පරිදි මාස 06ආ කාලයක් සඳහා දීර්ඝ කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන ලද නියෝගයකට අනුව ,ශ්‍රී ලංකා මහා බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරත් සිදු කරගෙන යාමට නියමිතය.