FAST NEWS

24×7 Around the Globe

අයිස් සහ මත්පෙති සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | ගම්පහ) – අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති සමඟ මීගමුව – සෙල්ලකන්ද පාර, කටාන ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සතුව තිබී මත්පෙති 1300 ක්, අයිස් මිලිග්‍රෑම් 20 ක් සහ කඩුවක් ද පොලිස් විශේෂ කාර්ය බලකා භාරයට ගනු ලැබීය.

කටාන පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.