FAST NEWS

24×7 Around the Globe

ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(ෆාස්ට් නිව්ස් | ගම්පහ) – අද (06) පෙරවරු 9.00 සිට පැය 24 කාලයක් මීගමුව, බම්බුකුලිය ජල පිරිපහදු මධ්‍යස්ථානයෙන් සැපයෙන ප්‍රදේශ කිහිපයකටජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන ජලාපවහන මණ්ඩලය පවසයි.

අනුව මීගමුව මහ නගර සභා බල ප්‍රදේශය, කොච්චිකඩේ, දූව, පිටිපන, දුනුගල්පිටිය, බාසියාවත්ත, පමුණුගම, කටාන බලප්‍රදේශයේ කොටසක්, කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය, කටුනායක ගුවන් හමුදා කඳවුර හා කටුනායක ගුවන් හමුදා පරිශ්‍රයයන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

ජල පිරිපහදු මධ්‍යස්ථානයට කටාන ව්‍යාපෘතිය මගින් විදුලි උත්පාදකයක් සවි කිරීම හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට සිදුවතිබේ.