FAST NEWS

24×7 Around the Globe

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු නාවික හමුදා අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලයබැක්බේ ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ඊයේ(04) අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු ධීවර කටයුතු කරන මුවාවෙන් එම ප්‍රදේශයේ රැදී සිට ඇති අතර, කලක පටන් ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමේනිරත පුද්ගලයෙකු බවට අනාවරණය වී ඇත.

21 හැවිරිදි සැකකරු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.

ඔහු ඉදිරි පරීක්ෂණ සඳහා ත්‍රිකුණාමල පොලීසියට භාර දී තිබේ.