FAST NEWS

24×7 Around the Globe

ලබන 16 වැනි දා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන 16 වැනි දා මෙම වසරේ පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම සිදු කෙරේ.

ජාතික උත්සවය අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ විල්ගමුව ධර්මප්‍රදීප කණිෂ්ඨවිද්‍යාලයේදී සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එම්.එච්.එම් චිත්‍රානන්ද මහතා පැවසුවේය.

එදින මීට සමගාමිව සියලු පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීම සිදු කරන ලෙස පාසල් ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.

සෑම ළමයෙකුටම පළමු ශ්‍රේණිය සඳහා පාසලක් ලබාදීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව 5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵලමත 6 වැනි ශ්‍රේණිය සඳහා සිසුන් බඳවා ගැනීම හෙට සිට 17 වැනි දා දක්වා සිදු කරන ලෙස පාසල් ප්‍රධානීන්ට උපදෙස් දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.