FAST NEWS

24×7 Around the Globe

රේණුක පෙරේරා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස රේණුක පෙරේරා මහතා පත් කර තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නව සභාපති රේණුක පෙරේරා මහතාට ප්‍රදානය කළේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ රේණුක පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  පාලක ලේකම්වරයා ලෙසද කටයුතු කරයි.