(ෆාස්ට් නිව්ස් |නයිජීරියාව) – ශ්‍රී ලාංකිකයින් හත් දෙනෙකු ඇතුළු පුද්ගලයින් 66 දෙනෙකු නයිජීරියාවේ දී අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ නීති විරෝධී ඉන්ධන ජාවාරමකට සම්බන්ධ බවට සැක පිටය.
එහිදී යාත්‍රා 07ක් ද නාවික හමුදා භාරයට ගෙන ඇත.
නයිජීරියානු නාවික හමුදාව පසුගිය මාසය තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ සැකකරුවන් අතර ශ්‍රී ලාංකිකයින් හත් දෙනෙකු, නයිජීරියානු ජාතිකයින් 57 දෙනෙකු සහ ඝානා ජාතිකයින් දෙදෙනෙකු වන බව සදහන්ය.
මෙම මහපරිමාණ ඉන්ධන ජාවාරම සිදු කළේ නම් නම් එරට ඉන්ධන කර්මාන්තයට විශාල පාඩුවක් සිදුවීමට ඉඩ තිබූ බව නයිජීරියානු බලධාරීන් සදහන් කර ඇත.








