FAST NEWS

24×7 Around the Globe

තොන්ඩමන්ආරු පාලම අසලදී තරුණයෙකු දියේ ගිලී මරුට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  තරුණයෙකු දියේ ගිලීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබේ.

ඔහු මිතුරන් පිරිසක් සමඟ යාපනය – තොණ්ඩමන්ආරු පාලම ප්‍රදේශයේ දියනෑමට ගිය අවස්තාවේදී දියේ ගිලී ඇත.

පොලිසිය පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ යාපනය පේදුරුතුඩුව,පූලෝලි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙක් බවයි.

වැල්වැටිතුරෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.