FAST NEWS

24×7 Around the Globe

චූටියා STF අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සංවිධානාත්මක විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දසුන් සුරංග මානවඩු හෙවත් චූටියා අම්බලන්ගොඩ ප්‍රදේශයකදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 400ක් සමග අත්අඩංගුවට ගත් බව එහි මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

චූටියා නමැති මෙම සැකකරු මීට පෙර මනුෂ්‍ය ඝාතන සහ ගිනි අවි ළඟ තබා ගැනීම ඇතුළු අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිට පසුව ඇප මත මුදා හැරුණු පුද්ගලයෙකි.