FAST NEWS

24×7 Around the Globe

නව පාර්ලිමේන්තු සැසියට 600 ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අටවන පාර්ලිමේන්තුවේ හතරවන සැසිවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පෙරවරු 10.00 ට ආරම්භ විය. 

පාර්ලිමේන්තුවේ නව සැසිය විවෘත කිරීමේ අවස්ථාවට විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් , අගවිනිසුරුවරයා , උපරිමාධිකරණ විනිසුරුවරුන් සහ නීතිපතිවරයා ඇතුලු 600 කට අධික පිරිසක් සහභාගීවීමට නියමිත බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියා සිටියේය.

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු රැස්වීම තාවකාලිකව අත්හිටුවනු ලැබීය.

අනතුරුව පාර්ලිමේන්තුව පස්වරු එක දක්වා කල් දැමූ අතර පස්වරු 12.00 ට පක්ෂ නායක රැස්වීමක්ද කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භවීමට නියමිතයි.